ශ්‍රී ලංකාවේ 7 වැනි IMF සමාලෝචනය දෙසැම්බර් මුල

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විස්තීරණ ණය පහසුකම යටතේ 7 වැනි සමාලෝචනය, ඇඟයීමට ලක්කිරීම දෙසැම්බර් 2වැනිදා සිදුකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අදාළ සමාලෝචනයෙන් අනතුරුව විධායක මණ්ඩලය විසින් මෙම අනුමත කිරීම සිදුකළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍යාධාරයක් ලබා ගැනීමේ ප්‍රවේශය හිමිවනවා.